උඩුදුම්බර දෙකේ කණුව ප්‍රදේශයේ නිවාස දෙකක් නායගොස් තිබෙන අතර එම ස්ථානයේ සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර සිටිනවා.
තුවාල ලද තිදෙනා එම ප්‍රදේශයේ සුරක්ෂිත මධ්‍යස්ථානයකට යොමුකර සිටියදී ඔවුන් පදිංචිව සිටි නිවාසවල තත්ත්වය සොයා බැලීමට පෙරේදා (18) දහවල් ගිය අවස්ථාවේ මෙම නායට අසුව තිබෙන බව ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
තුවාල ලද දෙදෙනෙකු උඩුදුම්බර රෝහලටත් තවත් අයකු මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා
