බෝවතැන්න ජලාශයයට මේ වන විට පැමිණෙන ජලමට්ටම තත්පරයට ගණ අඩි 8800ක් වන අතර අඹන් ගඟට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ගණ අඩි 5300ක් පමණ වේ. ජලාශයේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් උපරිම ජල මට්ටම කරා පැමිණෙන බැවින්, ජල මට්ටම පාලනය කර ගැනීමට අද රාත්‍රී 10 පමණ වන විට වාන් දොරටු 2 ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදුවන බව බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පවසනවා.
මේ හේතුවෙන් අඹන් ගඟ පාලම සහ අඹන් ගඟ දෙපස සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්න!
