ගල්කිරියාගම උපුල්වැහැර ප්‍රදේශයේදී කිඹුලකු මරා මස් සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබු චුදිතයින් සිව් දෙනකුට රුපියල් තුන් ලක්ෂ විසි දහසක දඩයක් කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර නියම කළා.
ඒ, මෙම සිද්ධියට අදාල සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන්.
එක් චුදිතයකුට රුපියල් 80,000 බැගින් ගෙවීමටයි මෙම දඩ නියම කෙරුණේ.
මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 (2) වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බව කියමින්.
ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර ප්‍රසන්න බණ්ඩාර විජේකෝන්ගේ උපදෙස් මත වන සත්ව අඩවි සහකාර සඳුන් හේමනායක සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළා.
