ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙඳෙළසැල් 7ක් නායයෑමේ අවදානමක් හේතුවෙන් අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ වෙළෙඳසැල් තුළ එක්වරම ඉරිතැලීම් ඇති වී ඇති අතර, මේ හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් වෙළෙඳසැල්හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගැණුනි.
