ලොව පුරා තැනින් තැන ගංවතුර එන හේතුව නාසා සොයාගනී!

ලොව පුරා වැටෙන වර්ෂාපතනය තක්සේරු කිරීම සඳහා නාසා ආයතනයේ විසින් බහු චන්ද්‍රිකා දත්ත නිරීක්ෂණ කරමින් දත්ත එකරැස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
රටවල් ගණනාවකට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය පිළිබඳව සිය චන්ද්‍රිකා දත්ත මගින් තොරතුරු රැස් කරගැනීමෙන් අනතුරුව වෙනස් වන කාලගුණික තත්ත්වයට හේතු ඔවුන් සොයාගත් බව සඳහන්. මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය'IMERG' නමැති විශේෂ ඇල්ගොරිදමයක් භාවිතා කරන අතර, එමගින් ලොව පුරා ඇද හැලෙන වර්ෂාපතනය ගණනය කරනු ලබනවා. ගෝලීය වර්ෂාපතන මිනුම් ලබාගන්නාIMERG ඇල්ගොරිදමයටඅනුව විවිධ චන්ද්‍රිකා නිරීක්ෂණ එක්තැන් කරමින් වර්ෂා සහ හිම පතනයන්හි ප්‍රමාණයන් මෙහිදී ගණනය කර කෙරෙනවා. නාසා හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් කණ්ඩායමක්පෙටාබයිට් 1කට (Petabyte 1) වඩා වැඩිනිරීක්ෂණ දත්ත සැකසීම සඳහා විශාල පරිගණක බලයක් භාවිතා කරමින් මෙම පද්ධතිය පවත්වාගෙන යනු ලබන බවයි නාසා ආයතනය පවසන්නේ. ඒ අනුව අමෙරිකාවේ වොෂිංටනයට බලපා ඇති දැඩි ගංවතුර ඇතිකළ කුණාටු සඳහා ප්‍රධාන ලෙසම දායක වී ඇත්තේ නිවර්තන කලාපයේ සිට පැමිණි‘වායුගෝලීය ගංගා’ ලෙස හැඳින්වෙන ජල වාෂ්ප සහිත වායු ධාරාවන් බවයි නාසා ආයතනය පවසන්නේ. 2025 වසරේ දෙසැම්බර් මාසයේ පළමු සති තුනතුළ දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණපෑමට වොෂිංටනයට සිදුවුණා. පසුගිය 01 වැනිදා සිට 14 දක්වාකාලය තුළ විනාඩි 30 ක කාල සීමාවන් ආවරණය වන පරිදි ලබාගත් දත්ත මගින් වර්ෂාපතනය සහ හිම පතනය සිදුවූ ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. මෙම වායුගෝලීය ගංගා, අහසේ තිබෙනයෝධ ජල නලයක් වැනියි. එමගින් නිවර්තන කලාපයේ සිට විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් ගොඩබිම දෙසට ගෙනවිත් එකවර මුදා හැරීම නිසා මෙවැනි විශාල ගංවතුර තත්ත්වයන් ඇති වන බව සඳහන්.
Previous Post Next Post

Contact Form