අරලගන්විල දෙහැවිරිදි දරුවෙකු දිය වළකට වැටී මිය යයි



අරලගන්විල පොලිස් වසමේ  කන්දේගම දී ජලය පිරුණු වළකට වැටීමෙන් දෙහැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධි වාර්තාවට අනුව දෙසැම්බර් 20 වැනිදා උදෑසන කන්දේගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබූ ජලයෙන් පිරුණු වළකට දරුවා වැටීමෙන් සිදුව ඇත. අරලගන්විල රෝහල වෙත රැගෙන යමින් සිටියදී දරුවා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

මියගිය දරුවා කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මළ සිරුර මේ වන විට අරලගන්විල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අරලගන්විල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Previous Post Next Post

Contact Form