HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළට

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට එච්.අයි.වී. ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබදව පැවති දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ.සී.එම්. තෙන්නකෝන් මේ බව කියා සිටියා. මෙරට ජනගහනයෙන් අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ එච්.අයි.වී. ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් මතුව ඇති බවයි වෛද්‍යවරයා පැවසුවේ.
Previous Post Next Post

Contact Form