වමනය සහ ක්ලාන්තය පාලනය සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron
) එන්නතේ විෂබීජයක් අඩංගු බවට හෙළිවීමත් සමඟ එය රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිත කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවසයි.
අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, මෙරටට ආනයනය කර ඇති අදාළ එන්නත් 270,000න්, පසුගිය සිකුරාදා (12) දිනයේ සිට ඒවා රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
මෙම එන්නතේ විෂබීජයක් පවතින බවට පළමුවරට වාර්තා වූයේ මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් විසිනි. අනතුරුව තවත් රෝහල් කිහිපයකින් ද ඒ සම්බන්ධයෙන් වාර්තා වීමත් සමඟ අදාළ එන්නතේ කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.
මේ අතර, අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
Tags
සෞඛ්‍ය
