කෙහෙල්බද්දර පද්මේට අයත් පිස්තෝලයක්, T-56 මැගසින් දෙකක් සහ T-56 උණ්ඩ 260කට අධික සංඛ්‍යාවක් කැලණියෙන් සොයා ගනී

රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනිඅවියක් ඇතුළු දේපොළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී ඇත. කෙහෙල්බද්දර පද්මේට අයත් පිස්තෝලයක්, T-56 මැගසින් දෙකක් සහ T-56 උණ්ඩ 260කට අධික සංඛ්‍යාවක් කැලණිය ප්‍රදේශයේ පාලමක් යට සඟවා තිබියදී සොයා ගැනුණී. එ‍ඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ මෙම ගිනිඅවිය සහ පතොරොම් තොගය සොයාගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහාය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබුණි.
Previous Post Next Post

Contact Form