ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එම පූර්ව අනතුරු ඇඟවීම ඊයේ රාත්‍රී 10 සිට අද රාත්‍රී 10 දක්වා සඳහා වලංගු වනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශ සදහා විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

