නව වසරේ සිට මෝටර් රථ රියැ­දුරු 'Bad Point' ලකුණු දීමේ ක්‍රමය

මෝටර් රථ රියැ­දුරු අකු­ස­ලතා ලකුණු ලබා දීමේ ක්‍රම­වේ­දය මේ වසරේ ක්‍රියා­ත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කමල් අම­ර­සිංහ මහතා පව­සයි.

ඊට අදාළ තාක්ෂ­ණික කට­යුතු මේ වන විට සිදු කර­මින් පව­තින බව ද හෙකෙම කියා සිටි­යේය. ඊට අදාළ ක්‍රම­වේ­දය ශ්‍රී ලංකා පොලී­සිය, ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය, මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සහ ඩිජි­ටල් අර්ථික අමා­ත්‍යාං­ශය යන ආය­ත­න­වල විශේ­ෂ­ඥ­ය­න්ගෙන් යුත් කමි­ටු­වක් විසින් සකස් කර­මින් පව­තින බවද හෙතෙම කියා සිටි­යේය.

නව ක්‍රම­වේ­දය යටතේ, GovPay මඟින් දඩ මුදල් මාර්ග­ග­තව ගෙවීමේ සේවාව ආරම්භ කිරී­මත් සමඟ, රියැ­දුරු රථ­වා­හන වැරැදි සඳහා ලබා ගන්නා අකු­ස­ලතා ලකුණු ගණ­නය කෙරෙන අතර එක් රියැ­දු­රෙ­කුට උප­රිම අකු­ස­ලතා ලකුණු 24ක් ලබා දී ඇති අතර, මෙම සිය­ලුම ලකුණු අහිමි වුව­හොත් එම රියැ­දු­රෙ­කුගේ රිය බල­ප­ත්‍රය වසර දෙක­කට අත්හි­ටු­වීම මින් සිදු කරනු ලබයි.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...