උපත් අනුපාතය ඉහළ නැංවීමට චීනයෙන් බද්දක්! අලුත විවාහ වූවන්ට විවාහ වීමට දිරිගැන්වීම සඳහා අමතර වැටුප් සහිත නිවාඩු

චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ.
චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අද (01) වන දින සිට ක්‍රියාත්මක වන මෙය 13% ක වැට් බද්දකි. 

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශකය තුළ එරට පහත වැටුනු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

 මේ අතර චීනයේ එක් දරු ප්‍රතිපත්ති සීමාව තුන් දරු ප්‍රතිපත්තියක් දක්වා ඉහළ නැංවීමට මෙමගින් කටයුතු කර ඇති අතර, පළාත් IVF ප්‍රතිකාර සඳහා වට්ටම් සහ අමතර දරුවන් සඳහා මුදල් සහනාධාර ලබා දීමට ද ඉදිරියේදී තීරණය කරන බව එරට නිලධාරීන් පවසයි. ඇතැම් පළාත් පාලන ආයතන තුළ අලුත විවාහ වූවන්ට විවාහ වීමට දිරිගැන්වීම සඳහා අමතර වැටුප් සහිත නිවාඩු දින ද ලබා දෙන බව සඳහන් වෙයි. 

මෙම වසරේදී රජය මෙහි පළමු ජාතික ළමාරක්ෂක සහනාධාර වැඩසටහන සඳහා යුවාන් බිලියන 90ක් (ඩොලර් බිලියන 12.7ක්) වෙන් කර ඇති අතර, වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වාර්ෂිකව යුවාන් 3,600ක් ලබා දීමට ද තීරණය කර තිබේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...