කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම යථාවත් කිරීමට තවදුරටත් පියවර

 අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීම මේ වනවිටත් සිදුකරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 




ඒ අනුව, කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (03) මධ්‍යම රාත්‍රියට පෙර යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. 

මේ හේතුවෙන්, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවා ඇති අතර, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
URGENT Just Released
Gazette

රජයෙන් හදිසි ගැසට් නිවේදනයක්! 📜

වහාම ක්‍රියාත්මක වන පරිදි...