වදුරන්, රිලවුන් ගෙන් වගා රකින්ට රට පුරා වගා ආරක්‍ෂකයන්

 වගාබිම් විනාශ කරන වන සතුන් පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශ මේ වන විට තීරණය කර ඇත. 



මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට එම අමාත්‍යාංශ දෙකම එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා වැනි සතුන්ගෙන් සිදුවන බලපෑම අවම කිරීම පිණිස ග්‍රාමීය මට්ටමින් ආරක්ෂකයන් යෙදවීමේ හැකියාව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර සාකච්ඡා කර තිබිණි.

දඬුලේනා දැනට පවතින ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ වගා හානිය දිනෙන් දින ඉහළ යාම හේතුවෙනි.

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සැරිසරන වගා හානිකර සතුන්ගේ ගහනය නිවැරදිව තක්සේරු කිරීම සඳහා 2025 මාර්තු 15 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විශේෂ සංගණනයක් ද පවත්වන ලදී.

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට එල්ල වන බාධා වැළැක්වීම සඳහා කඩිනම් විසඳුම් ලබාදීම රජයේ මූලික අරමුණ වී තිබේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
URGENT Just Released
Gazette

රජයෙන් හදිසි ගැසට් නිවේදනයක්! 📜

වහාම ක්‍රියාත්මක වන පරිදි...