පොලිස් බව අඟවා ලැඟුම්හළක් අසල සිටි කතක් අත්අඩංගුවට

 පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇදුමකින් සැරසී ගිනි අවියක්ද අතැතිව පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් ඊයේ (15) දින සවස අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි




එම කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක තමාල් ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් වැටලීම් සහ මෙහෙයුම්වල යෙදී සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස සිටින පොලිස් නිලදාරීනිය පිලිබදව සැකසිතී ප්‍රශ්න කිරීමේදී සැකකාරිය පොලිස්  පරීක්ෂිකාවක් නොවන බවට අනාවරණය වූයෙන් අත් අඩංගුවට ගෙන ඇත.

එම සැකකාරිය පොලිස් පරීක්ෂක මට්ටමේ ක්‍රීඩා නිල ඇදුමක් හැද පිස්තෝල වර්ගයේ ගිනි අවියක් අතැතිව සිට ඇති අතර එම පිස්තෝල වර්ගයේ ගිනි අවිය ලී වලින් සෑදූ පිස්තෝල අනුරුවක් බවට අනාවරණය වූ බවද එම කොට්ඨාශය පවසයි.

සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇයගේ ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත්‍රය නැතිවී ඇති බවත් ඒ සදහා පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති බවටත් කුවිතාන්සියක් පෙන්වා ඇති මුත් සැකකාරියට අයත් හැදුනුම්පත ඇය සන්තකයේ තිබී සොයා ගැනීමට හැකි වූ බවද එම කොට්ඨාශය පවසයි

Post a Comment

Previous Post Next Post

Contact Form