රත්නපුර නගරයේ විශාල ගින්නක්

 ප්‍රසිද්ධ සමාගමක රත්නපුර නගරයේ පිහිටි ශාඛාවක අද (16) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. 



ගින්න මේ වන විට මැඩපැවැත්වීම සඳහා රත්නපුර මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.

ගින්න හේතුවෙන් අදාළ ව්‍යාපාරික ස්ථානයට දැඩි දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ. 

පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක හේතූන් මත රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, එම මාර්ගයේ මේ වන විට වාහන තදබදයක් ද නිර්මාණය වී ඇත.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර  වැඩිදුර විමර්ශන පවත්වයි.

Post a Comment

Previous Post Next Post

Contact Form