අඩු ආදායම් ලබන පවුල්වල සිසු දරුවන්ට ලිපිද්‍රව්‍ය ලබා ගන්න දීමනාවක්

 අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.




එසේම අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන, එහෙත් දීමනාව හිමි විය යුතු දිවයින පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි හා පැවිදි සිසුන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහා එක් අයෙකුට රුපියල් 6,000ක දීමනාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමටයි 2025 වර්ෂය තුළදී පියවර ගෙන ඇත්තේ.

එම වැඩසටහන 2026 වර්ෂය තුළ ද ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form