රාජ්‍ය සේවක ඔබට සුබම සුබ පණිවිඩයක්..

 රජයේ නිලධාරීන් සඳහා ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.


ඒ අනුව 10,000ක පැවති අත්තිකාරම් මුදල රුපියල් 150,00 දක්වා වැඩිවෙන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ.

රජයේ නිලධරයන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට හැකියාව තිබුණා.

එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අයකර ගැනීම සඳහායි විධිවිධාන සලසා දී තිබුණේ.

එකී උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/-ක් දක්වා වැඩි කර ලබා දීමටයි 2026 අයවැය මඟින් යෝජනා කරනු ලැබුවේ.

ඒ අනුව, රජයේ නිලධරයන්ට ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙසේ අනුමතකර තිබෙනවා.


Post a Comment

Previous Post Next Post

Contact Form