ත්‍රීරෝද රථ සොරාගෙන චැසි අංක වෙනස් කොට අලෙවි කළ ජාවාරමක තොරතුරු හෙළි වෙයි

 දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංක සහ පාට වෙනස් කොට ව්‍යාජ ලෙස ලියකියවිලි සකසා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා. 


ඒ, සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි. 

බලන්ගොඩ, බදුල්ල, කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංකය සහ පාට වෙනස් කර රුපියල් ලක්ෂ 12 ත් 15 ත් අතර මිලකට අලෙවි කර තිබෙනවා. 

කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය ත්‍රීරෝද රථය සොරාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ. 

ඉන් අනතුරුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හෙට (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post a Comment

Previous Post Next Post

Contact Form