සමාජ ජාලා පුවත් පාලනයට දැඩි නීති

 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OnlineSafety Act) යටතේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමවිශේෂයෙන්ම තහවුරු නොකළ පුවත් පතුරුවා හැරීමවැළැක්වීම සඳහා පවතින නීති රීති තවත් දැඩි කිරීමට රජයතීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටමින් Sunday Times වාර්තා කරයි.


මෙම නව සංශෝධන මඟින් අසත්‍ය පුවත් නිර්මාණය කරන පුද්ගලයන් මෙන්ම, එම තොරතුරු උපයෝගී කරගනිමින්පුද්ගල ප්‍රතිරූපයට හානි වන අයුරින් පුවත් නිර්මාණය කරන්නන් ද දැඩි පාලනයකට නතු කිරීමට නියමිතය.


"බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාලවලින් ලබාගන්නා තොරතුරු කිසිදු තහවුරු කිරීමකින් තොරව පුවත් ලෙස විකාශනය කිරීම සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වන අතර ඔවුන්ට දැඩි හානියක් සිදු වෙනවා," යැයි එම නිලධාරියා සඳහන් කර ඇත.

කමිටු වාර්තාව මේ මස කැබිනට් මණ්ඩලයට මාර්ගගතක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන සොයා බැලීම සඳහා සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව මෙම මාසය තුළදීඉදිරිපත් කිරීමට නියමිතය

ඉන් අනතුරුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනු ඇත.

මුල් පනත් කෙටුම්පතේ පැවති දුර්වලතා රැසකට මෙම නව සංශෝධන හරහා විසඳුම් ලබා දී ඇති බව ද සඳහන් වේ. මෙම සංශෝධිත පනත් කෙටුම්පත ලබන පෙබරවාරි මාසයේදීපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් තව දුරටත් වාර්තාව කියයි.

Post a Comment

Previous Post Next Post

Contact Form