පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර ‘මදන මෝදක’ අලෙවි කළ වෙළඳසැලක් වටවල ප්‍රදේශයේදී වැටලීමට හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
19 දින සිදුකළ මෙම වැටලීමේදී මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාට ලද තොරතුරක් මත, ඒ මහතාගේ උපදෙස් සහ හැටන් කොට්ඨාස අංක 01 භාර පොලිස් අධිකාරී නිශ්ශංක ගොඩමුල්ල මහතාගේ මෙහෙයවීම යටතේයි.
වටවල ප්‍රදේශයේ පිහිටි අදාළ වෙළඳසැල පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම ජාවාරම අනාවරණය වී ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළඳසැල් හිමිකරු ප්‍රදේශයේ නොසිටීම හේතුවෙන්, එහි සේවය කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (20) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අඛණ්ඩව සිදුකරයි.
ආර්.එෆ්.එම්.සුහෙල්