ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණය කල තරුණයන් දෙදෙනෙකු සහ දුෂණය කිරිමට අනුබල දුන්නේ යැයි කියන සැකකරුවෙක් ඇතුලු තිදෙනෙකු (18) දින සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසීය.
පාසල් සිසුවිය ගිනිගත්හේන ගෝණවල ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, පෙම්වතා හමුවීමට යන අවස්ථාවේ පෙම්වතා විසින් පාසල් සිසුවියව මිතුරෙකුගේ නිවසකට කැදවාගෙන යන බවත්, එහිදි පෙම්වතා සහ ඔහුගේ මිතුරෙකු පාසල් සිසුවියව දුෂණය කල බවට ඇය විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
මිත්තනිය භාරයේ සිටින පාසල් සිසුවිය 01/17 දින උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට පැමිණීම සම්බන්ධයෙන් සැක සිතු මිත්තනිය ඒ පිලිබදව ගිනිගත්හේන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පාසල් සිසුවිය පොලිසියට කැදවා සිදු කල විමර්ෂණයකදි ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක් වී ඇති බව ඇයගේ ප්‍රකාශය අනුව අණාවරණය වූ බවත්, සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16-17 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම සැකකරුවන් තිදෙනා (19) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ස්ථානාධිපතවරයා වැඩි දුරටත් පැවසුහ.
- රංජිත් රාජපක්ෂ