නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කර ගන්නැයි ද හරිනි ඇමති ධූරයෙන් ඉවත්වන්නැයිද ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණ අතර සවස් කාලය වනතුරු විමල් වීරවංශ මහතා එහි රැඳී සිටියේය. කෙසේ වෙතත් සන්ධ්‍යාව අහවර වී රාත්‍රීය උදාවත්ම විමල් වීරවංශ එතැනින් පිටව ගියේය.ඉන්පසු අට්ටාලයේ සුළු පිරිසක් රැඳී සිටින අයුරු කැමරාවට හසුවිය.
'හරිනිගේ බඩි කුලප්පු අධ්‍යාපන සිපයිකරණය වහා හකුළාගනු' යනුවෙන් පොස්ටර ගසා 'අඛණ්ඩ සත්‍යග්‍රහයක්' ලෙස මෙම විරෝධතාව හඳුන්වා තිබෙන අතර එය 'උපවාසයක්' නොවන බවත් තමා එතැනින් ගිය පසු අනෙක් අය අඛණ්ඩව විරෝධතාව කරගෙන යන බවත් අද (12) දහවල් විමල් රැඳී සිටි අවස්ථාවේ මාධ්‍ය කැමරා ශීල්පීන් කළ විමසීමකදී පවසා තිබුණි.
තමන් ඇතුළු කණ්ඩායම විසින් ආරම්භ කරනු ලැබුවේ සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නොවන බවත්, උපවාසයක් සහ සත්‍යග්‍රහයක් යනු එකක් නොව දෙකක් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා එම අවස්ථාවේ අවධාරණය කළේය.

2010 වසරේ එජා මහලේකම් බැංකි මූන්ගේ අවධානය දිනාගැනීමට විමල් වීරවංශ කර තිබුනේ උපවාසයකි. එම උපවාසය නිරාහාරව ගත කළ නමුත් මෙම සත්‍යග්‍රහය එවැන්නක් නොවන අතර ඇතිතරම් කාලයක් විවිධ පිරිස් යොදවා ඇදගෙන යාමේ අරමුණින් සිදුකරන්නක් බව පෙන්නුම් කරයි.