රියැදුරු බලපත්‍ර ලබාදීම සඳහා ලයිසන් කාඩ් ලක්ෂ අටක් ලැබී ඇති බවත් මේ වන විට රියැදුරු බලපත්‍ර දෙලක්ෂ හතළිස් දහසක් මුද්‍රණය කර ඇති අතර එය බෙදාහැරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ප්‍රකාශ කරනවා.
කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ පෙබරවාරි 28 වන විට දැනට ලබා දී ඇති තාවකාලික රියැදුරු බලපත්‍ර වෙනුවට අදාළ සියලුම දෙනාට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කොට ලයිසන් කාඩ් ලබාදීමට කටයුතු කරන බවයි.
ලයිසන් කාඩ් නොමැති වීම හේතුවෙන් ලක්ෂ 4 1/2කට පමණ ලබා දී තිබුණේ තාවකාලික රියදුරු බලපත්‍රය බවත් ඊයේ(03) දිනය වන විට දෙලක්ෂ හතළිස් දහසකට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කළ බවත් ඉතිරි රියැදුරු බලපත්‍ර දෙලක්ෂ දස දහස පෙබරවාරි 28ට පෙර මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරන බවත් කමල් අමරසිංහ සඳහන් කරනවා.
සාමාන්‍යයෙන් මාසයකට දළ වශයෙන් අලුතින් රියැදුරු බලපත්‍ර හැටදහසත් අසූ දහසත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කරන බවත් ලයිසන් කාඩ් පත් ඇනවුම් කර ඇති නිසා නැවතත් කාඩ්පත් අර්බුදයක් ඇති නොවන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
