වෙන්නප්පුවේදී විෂ මත්පැන් සිද්ධියේ මරණ ගණන ඉහළට - නිපදවූ පුද්ගලයාත් කොටු

 වෙන්නප්පුව - වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ විෂ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයා බව කියන පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.




ඒ, දංකොටුව ප්‍රදේශයේදීයි.

ඔහුගේ බිරිඳ ද ඊයේ දිනයේදී දංකොටුව ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබුණා. 

එමෙන්ම මියගිය පුද්ගලයින්ට එම නීති විරෝධී මත්පැන් අලෙවි කළ කාන්තාව ද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ. 


එමෙන්ම විෂ මත්පැන් පානය කිරීමෙන් රෝහල් ගත කළ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


මේ වන විට මරණ ගණන 06 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...