පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නුවරදී ශ්‍රී ලාංකික තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ හිටපු සැමියා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබෙනවා.
නිව්පෝට් ක්‍රවුන් (Newport Crown) අධිකරණය හමුවේ පෙනී සිටි 37 හැවිරිදි මෙම පුද්ගලයා, තමන් විසින් 32 හැවිරිදි නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නැමැති තරුණිය ඝාතනය කළ බව පිළිගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පසුගිය අගෝස්තු 21 වනදා කාඩිෆ් නුවර රිවර්සයිඩ් ප්‍රදේශයේදී නිරෝධාගේ සිරුර නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර තිබී සොයාගනු ලැබුවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ තියුණු ආයුධයකින් සිදුකළ බහුවිධ තුවාල හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි.
මීට පෙර මෙම ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කර තිබූ සැකකරු, පසුගිය සඳුදා පැවැති නඩු විභාගයේදී සිය ප්‍රකාශය වෙනස් කරමින් තමන් එම ඝාතනය සිදුකළ බවට පාපොච්ඡාරණය කරනු ලැබුවා.
පැමිණිලි පාර්ශ්වය සඳහන් කළේ සැකකරු සන්තකයේ පිහියක් තිබූ බවට ද ඔහු මීට පෙර පිළිගෙන තිබූ බවයි.
මියගිය නිරෝධාගේ පවුලේ සාමාජිකයන් ඇය සිහිපත් කරමින් කියා සිටියේ ඇය ඉතා කරුණාවන්ත සහ සැමට ලෙන්ගතු තරුණියක වූ බවයි.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුට එරෙහි දඬුවම් නියම කිරීම ලබන පෙබරවාරි 20 වනදා සිදු කිරීමට නියමිතයි.
