පොල් ගෙඩියක් වැටී කතක් මරුට

 

පොල් ගෙඩියක් හිසට වැටීමෙන් රෝහල් ගත කළ හොරණ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ කාන්තාවක මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ හොරණ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිස් නවයක් වන නිල්මිණී සුනේත්‍රා ගුණතිලක නමැති විවාහක කාන්තාවකි.

මෙම කාන්තාව නිවස අසල ඥාති නිවසකට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළි වීඇත. සිද්ධියෙන් පසුව මෙම කාන්තාව බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

Post a Comment

Previous Post Next Post

Contact Form