විමල් සත්‍යග්‍රහය අරඹයි

 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. 




ඊයේ (11) මහනුවරට ගිය හිටපු අමාත්‍යවරයා කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවූ බරපතල වරදට වගකිව යුතු අධ්‍යාපන අමාත්‍යවරිය වහාම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි.


මෙහිදී පළමුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු මොහු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මතුව තිබෙන ගැටලු පිළිබඳ සංදේශයක් ද භාරදෙමින් මහනාහිමියන්ට කරුණු පැහැදිලි කළා.

අනතුරුව හිටපු අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ද බැහැදැක මේ පිළිබඳ කරුණු දක්වා සිටියා.

Post a Comment

Previous Post Next Post

Contact Form