ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි

 ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් රියදුරු සහ එක් මගියෙකු තුවාල ලබා ඊයේ (11) දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා.




නෝර්වුඩ්, නිව්වැලිවත්ත ප්‍රදේශයේදී අධික බෑවුමක් සහිත ස්ථානයකදී අඩි 25ක පමණ ප්‍රපාතයකට රථය පෙරලී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මස්කෙළිය සිට නෝර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙසේ අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් ත්‍රී රෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවද නෝර්වුඩ් පොලිසිය පැවසුවා.

Post a Comment

Previous Post Next Post

Contact Form