සිය දියණිය දියණිය දූෂණය කළ පියා වසර 10කට පසු කොටුවෙයි!

සිය දියණිය දූෂණය කිරීමෙන් අනතුරුව වසර 10 ක් අධිකරණය මගහැර සිටි සැකකරුවකු අගලවත්ත ඕමත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසනවා.




අත්අඩංගුවට ගත් එම සැකකරුට අධිකරණය මගින් දස වසරක සිර දඬුවම් නියම කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ වන විට සැකකරුට දාව එම ප්‍රාදේශයේ වෙනත් කාන්තාවකට 5 හැවිරිදි දරුවකු සිටින බවට අනාවරණය වු බව පොලිසිය සඳහන් කරනවා.

පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු 2016 වසරේ ඔහුගේම දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මිත්තණිය පැල්මඩුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එවකට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඞ් බාරයට පත්කර මාස කිහිපයකට පසු ඇප මත මුදාහැර නඩුව රත්නපුර මහාධිකරණය වෙත යොමු කර තිබු බව පොලිසිය පවසනවා.

ඇප ලැබිමෙන් අනතුරුව සැකකරු පදිංචි ගම් ප්‍රදේශයේන් අගලවත්ත ඕමත්ත ප්‍රදේශයට පලා ගොස් රහසිගත ජිවිතයක් ගත කරමින් එම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඇයට දාව දරුවකුද සිටින බවත් පොලීසිය පවසනවා.

විත්තිකරු නඩුවට ඉදිරිපත් නොවු බැවින් වරෙන්තු නිකුත් කර ඔහු නොමැතිව නඩුව පවත්වාගෙන ගොස් ඉකුත් 2024 ඔක්තෝම්බර් මස 29 වෙනි දින චුදිතට එරෙහිව දියණිය දූෂණය කිරීමේ වරදට වසර 10 ක සිර දඬුවම් නියම කෙරුණා.

අගලවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේගුණවර්ධනගේ උපදෙස් මත පොලිස් සැරයන් 51130 ජයසිංහ, කොස්තාපල්වරුන් වන 102930 වීරසිංහ, පොලිස් සැරයන් රියදුරු 34903 මුණසිංහ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
Previous Post Next Post

Contact Form