බොන්ඩයි වීරයාට බිලියනපතියෙකුගෙන් ඩොලර් 99,999ක තෑග්ගක්

 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළේදී තුවක්කුකරුවෙකු මෙල්ල කර ඔහුගේ ආයුධය උදුරා ගත් ‘වීරයෙකුට’ අමෙරිකානු බිලියනපතියෙකු විසින් ඩොලර් 99,999ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.


මෙය ඔන්ලයින් හරහා ලබා දිය හැකි උපරිම පරිත්‍යාග මුදල බවයි පැවසෙන්නේ.
මෙම වීරයා, අහමඩ් අල අහමඩ් නම්, 43 හැවිරිදි පලතුරු වෙළඳසැල් හිමිකරුවෙක්.

වීඩියෝ දර්ශන මගින් පෙන්වා දෙන්නේ ඔහු තුවක්කුකරු දෙසට දිව ගොස් ආයුධය උදුරා ගන්නා ආකාරයයි. 
ඉන්පසුව ඔහු තුවක්කුව ප්‍රහාරකයා වෙත හරවා ඔහුව පසුබැසීමට සැලැස්වූවා.
එහෙත් අහමඩ් ද වෙඩි පහරවල් දෙකකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම ඉහළම පරිත්‍යාගය ලබා දී ඇත්තේ Pershing Square Capital Management හි ප්‍රධාන විධායක නිලධාරී වන විලියම් අක්මන් විසින්.

ඔහු සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මෙම ‘ධෛර්ය සම්පන්න වීරයා’ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසා කර තිබුණා.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි, අහමඩ් අල් අහමඩ් වෙනුවෙන් නිර්මාණය කරන ලද අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරය දැනටමත් ඩොලර් මිලියන 1කට ආසන්න මුදලක් රැස් කර තිබෙනවා.
Previous Post Next Post

Contact Form