මතභේදාත්මක එන්නතේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන සැකයක් : ඉන්දීය සමාගමේ එන්නත් 10ක් භාවිතයෙන් ඉවතට!

කතාබහට ලක්ව ඇති ඉන්දියානු මාන් ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන තවත් එන්නත් 09ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම එම එන්නත්වල නිෂ්පාදන ක්‍රියාවලියේ ගැටලුවක් පවතින බවට වන සැකයක් මත මේවා භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ. ඒ අනුව අදාළ සමාගම විසින් නිෂ්පාදනය කරන සිෆොටැක්සයිම් සෝඩියම්, කෝ ඇමොක්සික්ලාව් එන්නතේ කාණ්ඩ 2ක්, හැලෝපෙරිඩෝල්, ඉමිපෙනෙම් සහ සිලැස්ටැටින්, අයන් සුක්‍රොස්, මෙරෝ‍පෙනෙම්, පිපෙරසිලීන් සහ ටසෝබැක්ටම් මෙන්ම සුල්බැක්ටැම් සහ සෙෆොපෙරසෝන් යන එන්නත් භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Previous Post Next Post

Contact Form