ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිරිතදිග ප්‍රදේශයේ පිහිටි ලිවර්පූල් හි ජෝර්ජ් ස්ට්‍රීට් සහ කැම්ප්බෙල් මාර්ග පිහිටි මංසන්ධියේදී විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
හමුදා ශෛලියේ ඇඳුම් ඇඳගත්, විශාල තුවක්කු සහිත බර අවිගත් නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කරන බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
මෙම මෙහෙයුමේදී අවම වශයෙන් පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.
පොලිස් රථයක් යොදාගෙන පුද්ගලයන් තුන් දෙනෙකු රැගෙන යමින් තිබූ සුදු පැහැති හයිඋන්ඩායි රථයක් ගැටීමට සලස්වා ඇති අතර දිගු ආයුධ සහිත උපක්‍රමශීලී පොලිස් නිලධාරීන් වහාම වාහනයෙන් පිටතට පැන පදික වේදිකාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
නිව් සවුත්වේල්ස් පොලිසියේ මහජන සාමය සහ කෝලාහල මැඩලීමේ බලකායේ රථයක්ද ඉන් අනතුරුව එම ස්ථානය පසුකර ගොස් තිබෙනවා.
තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම මෙහෙයුම ප්‍රාථමික පාසලක් අසල සිදුවූ අතර, වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇතුළු අවට ව්‍යාපාර හුදෙකලා කිරීමට (lockdown) පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ප්‍රජාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.
සිඩ්නි හි බොන්ඩයි බීච් වෙරළේ යුදෙව් ජාතික හනුක්කා සැමරුමක් ඉලක්ක කරගනිමින් පසුගිය ඉරිදා දින පිය පුතු දෙපලක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 15 දෙනකු මියගොස් තිබුණා.
Tags
විදෙස්
