ආපදාවෙන් හානි වූ මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රු 50,000 බැගින් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (දෙසැ. 19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පූර්ණ නිවාස හානි 6,282ක්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවසර ලබා නොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ NBRO අවසර ලබා නොදෙන නිවාස 6,877ක් ඇති බව ද ජනාධිපතිවරයා කීය.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම මගින් ජනතාවට හිමිවන සහන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කළේ, ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට බව ද පැවසූ ජනාධිපතිවරයා 2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බව ද කීය.
හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසුදු කරගැනීමට රුපියල් 25,000ක් ලබා දීම, නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මූලික උපකරණ ලබාගැනීම සඳහා රු 50,000ක් ලබා දීම එම සහන පැකේජයට අදාළ වේ.