ගුවන් නියමුවාගේ ඇති සැලකිල්ල නිසා අවසානයේ ජීවිත රැසක් බේරාගන්න ඔවුන්ට හැකියාව ලැබිලා.
මේ කියන්න යන්නේ අන්න ඒ බිහිසුණු සිදුවීම ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.
දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12.28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.
එම ගුවන් යානය මීට ටික වෙලාවකට පෙර හදිසි ගොඩබෑමකට සුදානමින් සිටි බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග පැවසුවා.
ඊයේ රාත්‍රී 10ට තුර්කිය බලා පිටත්ව යාමට සුදානමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පියාසර කිරීම ආරම්භ කළ මෙම ගුවන් යානයේ ගොඩබෑමේ රෝද පද්ධතිය අක්‍රිය බවට එහි ගුවන් නියමුවාට දැනගන්නට ලැබී ඇති බවට වාර්තා වෙනවා.
ඒ අනුව, පැය දෙකකට අධික කාලයක් මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට සූදානම්ව මීගමු කලපුව ආශ්‍රිත මුහුදු තීරයේ අඩි 4000ක් උඩින් පියාසර කරමින් සිටි බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
එම ගුවන් යානයේ මගීන් 202ක් සහ කාර්ය මණ්ඩලය 10 දෙනකු සිටින අතර, එම අවස්ථාවේ යානය නොට්ස් 160ක වේගයෙන් ඉහළ අහසේ පියාසර කරමින් යානයේ ඉන්ධන මුහුදට හළමින් හදීසි ගොඩබෑමකට සූදානම් වෙමින් සිටි බවටයි වාර්තා වුණේ.
මෙම යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් පියාසර ගමන් ආරම්භ කර සුළු මොහොතකින් යානයේ දෝෂය එහි නියමුවා විසින් හඳුනාගනු ලැබ තිබුණා.
මෙම යානයේ හදිසි ගොඩබෑම සඳහා මීගමු කලපුව ආශ්‍රිතව සහ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් ගිලන්රථ සහ ආපදා රථ ආදිය සූදානම් කර තිබුණු බව අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළා.
Tags
Trending
