දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන් වෙලා කියලා ලොකු කතාවක් ගියපු කහ ඇනකොන්ඩා පැටියා දවස් දහයකට පස්සේ ආයෙමත් හම්බවෙලා තියෙනවා.

දෙසැම්බර් 6 වෙනිදා රාත්‍රියේ තමයි මේ පිඹුරු වර්ගයේ ඇනකොන්ඩා පැටියා අතුරුදන් වෙලා තියෙන්නේ. සත්වෝද්‍යානය පුරාම දවස් ගාණක් පුරා දිවා රෑ සෝදිසි මෙහෙයුම් කරලා තියෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහත්මයා කියන විදිහට, ඊයේ (16) රාත්‍රියේ කරපු මෙහෙයුමකදී තමයි මේ හොරාව අල්ලගෙන තියෙන්නේ. මේ ඇනකොන්ඩා පැටියා හිටපු කූඩුවෙන් මීටර් කිහිපයක් එහායින් තිබුණු කබඩ් එකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ තමයි හැංගිලා ඉඳලා තියෙන්නේ. ඇනකොන්ඩා පැටියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවාලු. පිඹුරු වර්ගයේ සත්තු සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් විතරක්නේ කෑම ගන්නේ, ඒ නිසා දවස් දහයක් කෑම නැතුව හිටියට ප්‍රශ්නයක් වෙලා නැහැ. කොහොම වුණත් දැන් ඉතින් ඌව නිරෝධායනයට යොමු කරලා තියෙනවා.
Previous Post Next Post

Contact Form