🛑 ඉඩමේ අයිතිය
ඉඩමේ අයිතිය හා ආදායම් මට්ටම නොසලකා දීමනාව ලබාදිය යුතුය. ආපදා වලට ලක් වූ ස්ථිර පදිංචි නිවාස හිමියන්ට, වතු නිවාස වල පදිංචිකරැවන්, කුලී නිවාස වල පදිංචිකරැවන්, අනවසර නිවාස වල පදිංචිකරැවන්, රජයේ නිල නිවාස වල පදිංචිකරැවන් හා රජයේ ලියාපදිංචි ළමා නිවාස, වැඩිහිටි නිවාස හා ආබාධ සහිත තැනැත්තන්ගේ නේවාසික මධ්‍යස්ථාන වලටද මෙම දීමනාව ලබාදිය යුතු වේ.
🛑 දීමනාව ඉල්ලුම් කිරීම සදහා සුදුසුකම්
2025.11.21 දින සිට බලපෑ ආපදා තත්වය (ගං වතුර, පිටාර ජලය, සුළි සුළං, නායයෑම්, කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් අපිරිසිදු තත්ත්වයකට පත් වූ නිවාස මෙම දීමනාව ලැබීම සදහා සුදුසුකම් ලබයි)
ඒ අනුව, එක් නිවාස ඒකකයක් තුළ පවුල් හෝ පුද්ගලයින් කිහිප දෙනෙක් පදිංචි ව සිටින්නේ නම්, නිවාස ඒකකයේ පදිංචි සියලු පවුල් හෝ පුද්ගලයින් අතර මෙම දීමනාව සමසේ බෙදී යා යුතුය.
කුලී පදනමින් ලබා දී ඇති නිවසකට හිමි දීමනාව කුලී නිවැසියා වෙත පමණක් දිය යුතුය.
පවුල් කිහිපයක් හෝ පුද්ගලයින් කිහිප දෙනෙක් කුලී නිවසක ජීවත් වන්නේ එකී පවුල් හෝ පුද්ගලයින් අතර මෙම මුදල් සමසේ බෙදී යා යුතුය. නිවස අයිතිකරැ ද කුලී නිවැසියන් හෝ පුද්ගලයින් ද සමග එකම නිවසක ජීවත් වන්නේ නම් මෙම දීමනාව ඔවුන් අතරේ ද සමසේ බෙදී යා යුතුය.
මෙම දීමනාව 2025.11.21 දින සිට බලපෑ විස්තීර්ණ ආපදා තත්වය හේතුවෙන් මෙම ආපදා අවස්ථාවට පමණක් බලපාන පරිදි ලබා දෙනු ලබන දීමනාවක් වන බැවින්, එම දීමනාව ආපදාවට පත් වූ සියලුම නිවාස ඒකක වෙත මුලු මුදලම එකවර ගෙවා අවසන් කළ යුතුය. (මෙය අත්තිකාරමක් නොවේ.)
