පුහුණුකාර ධූරයෙන් කැපුවාට හතුරුසිංහ හතුරු වෙයි ! ඇ.ඩො. මිලියන 5ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.

Ada Derana

Previous Post Next Post

Contact Form