ප්‍රධාන ජලාශ 26ක් හා මධ්‍ය පරිමාණ ජලාශ 42ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 4ක් අද පස්වරු 6:00 සිට විවෘත කර තිබෙනවා.
ඒ පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමගයි.
එක වාන් දොරක් අඟල් හය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණ අඩි 500ක ජල ධාරිතාවක් මුදා හැරෙනවා.
මෙමගින් කුඹුරුවලට දැඩි බලපෑමක් නොමැති බවයි කවුඩුල්ල වාරි ඉංජිනේරුවරයා පවසන්නේ.
මේ අතර ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු දෙකක් අද පෙරවරුවේ විවෘත කෙරුණු අතර තත්ත්පරයට ඝන අඩි 3,000ක ජල කඳක් එමගින් දඹුලු ඔයට මුදාහැරෙනවා.
