නුවර පාරක් මීටර 836ක් රෙපෙයාර් කරන්න මිලියන 822ක්.. මීටරයට මිලියනයක්...

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන විලියම් ගොපල්ලව මාවත (AB 042) මංතීරු හතරක් සහිතව පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර ඇත.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ, සුදුහුම්පොල ප්‍රදේශයේ සිට මහනුවර දුම්රිය ස්ථාන මංසන්ධිය දක්වා වූ කිලෝමීටර් 0.836 ක දුරක් (CH 2+900km සිට 3+736km දක්වා) මංතීරු හතරක ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 822.2 ක ඇස්තමේන්තුගත මුදලක් වැය වන අතර ඒ සඳහා පූර්ණ ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය මගින් සපයනු ලබයි. 

ඉදිකිරීම් ආරම්භ කළ දින සිට දින 546 ක්, එනම් මාස 18 ක කාලසීමාවක් තුළ මෙහි වැඩකටයුතු නිම කිරීමට ඉලක්ක කර ඇත.

විලියම් ගොපල්ලව මාවත මෙලෙස ප්‍රමිතියෙන් යුත් මංතීරු හතරක් සහිත මාර්ගයක් ලෙස සංවර්ධනය වීමත් සමඟ මහනුවර නගරයට ඇතුළු වන සහ පිටවන වාහන සඳහා වඩාත් කාර්යක්ෂම හා විධිමත් ප්‍රවාහන සේවාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



Previous Post Next Post

Contact Form