ගාල්ලට සහ වැලිගමට මහ වැසි : මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

ගාල්ල නගරයට අද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි
ඒ අනුව, ගාල්ල මහාවීදිය, ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය, ගාල්ල - බද්දේගම ප්‍රධාන මාර්ගය සහ ගාලු කොටුව අභ්‍යන්තරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ නගරයේ ජලය බැස යන කානු පද්ධති නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ එම කානු මත සිදුකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් සුළු වර්ෂාවකදී පවා මෙලෙස මාර්ග ජලයෙන් යටවන බවයි. මීට අමතරව, වැලිගම නගරයට ද මේ වන විට දැඩි වර්ෂාපතනයක් පතිත වෙමින් පවතින බවත්,. අධික වර්ෂාව හේතුවෙන් වැලිගම නගරයේ ද මාර්ග කිහිපයක් මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවට වාර්තා වෙයි.
Previous Post Next Post

Contact Form