වැලිපැන්න පොලිසියට අනුයුක්තව රාජකාරී සිදු කළ සාජන්වරයකු අලුත්ගම මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ගොඩැල්ලගේ උපුල් සමන්ත (54) නමැති පොලිස් සැරයන්වරයායි.
ඊයේ (15) රාත්‍රී ජීප් රථයකින් අලුත්ගම මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් නවතන ලෙස නියෝග කර තිබෙනවා.
එහිදී වේගය පාලනය කරගත නොහැකි වූ එම යතුරුපැදිය රාජකාරිය නිරතව සිටි පොලිස් සැරන්වරයාගේ ගැටී ඇති අතර, පොලිස් සැරයන්වරයා විසිවී ගොස් අසල තිබූ කාණුවකට වැටී තිබෙනවා.
මෙම ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අලුත්ගම දර්ගා නගරය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
යතුරුපැදිකරුද සුළු තුවාල ලබා අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට මාරුකොට යවා තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
Tags
සාමාජීය
