පහතරට එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළට!

 දිට්වා සිලු කුණාටුවත් සමග වෙළදපොලේ උඩරට එලවලු වලට වඩා පහත රට එලවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙලෙදුන් කියයි.




පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුලු එළවලු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එලවලු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාලු මිරිස් කිලෝවක් රු.1300, බෝංචි රු.1000 වැනි මිලකට අලෙවි කරනු ලබයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් (18) දින එළවලු කිලෝ 91510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එලවලු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවලු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නුවරඑලිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවලු මිල ඉහල නොයන බවයි එම නිළධාරියා කියා සිටියේ.


Previous Post Next Post

Contact Form