කළුතර රෝහල් රැසක් වැහෙන්න යයි.. වෛද්‍යවරු විදේශගතවීමේ අවධානමක්..

කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, බේරුවල, අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිතව පවතින ප්‍රාදේශීය සහ මූලික රෝහල් රැසක් අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වන බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නගති. වසර ගණනාවක් තිස්සේ මෙම රෝහල් දියුණු නොවීම නිසා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කිලෝමීටර් වැඩි ගණනක් ගෙවා කළුතර මහ රෝහලට යාමට සිදුව ඇති බව වාර්තාවේ. පසුගිය රජයන් සමයේදී මූලික රෝහලක් බවට දියුණු කරන ලද බේරුවල රෝහල මේ වන විට වැසියාමි අවධානමකට ලක්ව ඇති අතර එහි මාතෘ හා ළමා ඒකකය දැනට වසර දෙකකට අධික කාලයක් මුළුල්ලේ වසා දමා ඇත. එහි කාර්ය මණ්ඩලයද වැඩි ප්‍රමාණයක් කළුතර මහ රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවා පුළුල් නොවීමත් , පවත්වාගෙන යාමට පවතින ඉඩකඩ සීමා වීමක් නිසා රෝහල ප්‍රාදේශීය රෝහලක් දක්වා පහළ ශ්‍රේණියකට පත්වී දැයි ප්‍රදේශවාසීන් තුළ බියක් ඇතිවී ඇත. එසේම මේ වන විට එහි කාර්ය මණ්ඩලයද හිඟයක් පවතින අතර අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය පරීක්‍ෂණ හා විකිරණ පරීක්ෂණ සිදු නොකිරීම නිසා ද ගර්භනී මව්වරුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුතර මහ රෝහලට යාමට සිදුවීමෙන්ද රෝගීන් දැඩි ලෙස දුෂ්කරතාවයන්ට පත්ව ඇත. කළුතර මහ රෝහලට අනුයුක්තව අලුතෙන් ආරම්භ කරන ලද ගල්ලැස මාතෘ රෝහල තුළද සත්කාර සේවා පවත්වාගෙන යාමේදී දුෂ්කරතා මතුවී ඇති බව වාර්තා වන අතර හදිස්සු රෝගීන් නැවත කළුතර මහා රෝහලට මාරු කිරීමට සිදුවීමත්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර හා නිර්වින්දන ඒකකවල සේවය කරන වෛද්‍යවරුන් ප්‍රමාණය අඩුවීම මත සේවා සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බව සඳහන් වෙයි. කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර ග්‍රාමීය රෝහලද වැසී යාමේ අවදානමට ලක්ව ඇති බව පසුගියදා වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවධානය මෙම දිස්ත්‍රික්කයේ රෝහල්වලට නොලැබී ගියහොත් ඉදිරි කාලයේදී මෙම රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් දැඩි ලෙස දුෂ්කරතාවයන්ට ලක්විය හැකි බව වාර්තා වන අතර මෙම රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක්ද විදේශීය වෛද්‍ය විභාග සමත්ව සිටීම මත ඉදිරි කාලේ දී රට හැර යාමේ අවධානමක් පවතින බවද වාර්තා වෙයි. කළුතර දිස්ත්‍රික් මහ රෝහල, කළුතර සෞඛ්‍ය විද්‍යා ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි පරිදි අවධානය ලක් කොට මෙම ගැටලු කඩිනමින් විසඳිය යුතු බවට මීට පෙර දස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් වී ඇතත් මේ දක්වා ඒවා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වී නැති බව සඳහන් වේ.
Previous Post Next Post

Contact Form