2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුවයි මෙම දිනයන් ප්‍රකාශයට පත් කර ඇත්තේ.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි 09 වැනිදා, පෙබරවාරි 10 වැනිදා, මාර්තු 10 වැනිදා, අප්‍රේල් 09 වැනිදා, මැයි 08 වැනිදා, ජුනි 10 වැනිදා, ජුලි 10 වැනිදා, අගෝස්තු 10 වැනිදා, සැප්තැම්බර් 10 වැනිදා, ඔක්තෝබර් 07 වැනිදා, නොවැම්බර් 10 වැනිදා, දෙසැම්බර් 10 වැනිදා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත තිබෙනවා.
Tags
සාමාජීය
