රියදුරුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකෑ කණ්ඩායමේ අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය නොහොත් ‘සැන්ඩෝ’ යන අයගේ ගෝලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසනවා.
අනෙක් සැකකරු ඔවුන්ට නවාතැන් පහසුකම් දුන් පුද්ගලයා බව පොලිසිය සඳහන් කරනවා.
එම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍්‍ය මිලිගෑම් 10300 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොල්ලා කෑ එම මෝටර්ථය පිළියන්දල තුම්බෝවිල අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඉකුත් 15 වැනි දින සොයා ගෙන තිබුණා.
පැමිණිලිකරු, විදේශිකයකු කහතුඩුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන යාම සඳහා ඉකුත් 14 වැනිදා පැමිණ කල් වේලා තිබෙන බැවින් පොල්ගස්ඕවිට හන්දියේ මෝටර් රථය නවතා විවේක ගනිමින් සිටියද නාඳුනන පුද්ගලයෙකු පැමිණ සිය බිරිඳ අසනීපව රෝහලට රැගෙන යාමට පැමිණෙන ලෙස රියැදුරට කළ ආයාචනය මත ඊට එකඟව මෝටර් රථය පණ ගන්වා යාමට සූදානම් වීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකු ඊට බලහත්කාරයෙන්ම ගොඩ වී තිබිණා.
පසුව මෙම සැකකරුවන් පැමිණිලිකරුට කැත්තකින් පහරදී මෝටර් රථයෙන් පිටතට ඇද දමා මෝටර් රථය හා ඔහුගේ මුදල් පසුම්බිය රැගෙන පලා ගොස් තිබූ බව පොලිස් අනාවරණය වී තිබුණා.
එම මුදල් පසුම්බියේ තිබි රුපියල් 45000/= රෑබල් 65000/= රුපියල් ලක්ෂ දෙකක ඒ.ටී.එම් කාඩ් පත් දෙකක් මෙන්ම ජංගම දුරකථන දෙකක්ද සැකකරුවන් කොල්ලකා තිබිණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල, බොරලැස්ගමුව හා පොල්ගස්ඕවිට පදිංචිකරුවන්.
Tags
සාමාජීය
