මෙය මීට පෙර බිළිඳුන් 796 දෙනෙකුගේ සිරුරු කොටස් මළ අපද්‍රව්‍ය ටැංකියක දමා තිබියදී හමු වූ ස්ථානයම වීම විශේෂත්වයකි.
දැනට කෙරෙන අලුත්ම කැණීම්වලදී, කලින් සිරුරු හමු වූ ස්ථානයේ සිට මීටර් 15ක් දුරින් තවත් බිළිඳුන් 11 දෙනෙකුගේ සිරුරු හමුවී ඇත. අතිශය කම්පිත කරුණ නම්, මෙම සිරුරු පොළොව මතුපිට සිට මීටරයකටත් අඩු ගැඹුරක පෙට්ටිවල බහා වළ දමා තිබීමයි.
අලුත උපන් බිළිඳාගේ සිට අවුරුදු 9 දක්වා දරුවන් මෙහි වළ දමා තිබේ. කිසිදු අවමංගල්‍ය චාරිත්‍රයක් හෝ සොහොන් සලකුණක් මොවුන් වෙනුවෙන් තිබී නැත.
1925 සිට 1961 දක්වා ක්‍රියාත්මක වූ මෙම නිවාසයට එදා ගෙන ආවේ "විවාහයෙන් පිටත" දරුවන් ලැබූ මව්වරුන්වයි. එදා සමාජයෙන් කොන් වූ ඒ අසරණ මව්වරුන්ව ඔවුන්ගේ දරුවන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කර මෙහි රඳවා තබා ගෙන ඇත.
කැතරින් කෝර්ලස් නම් ඉතිහාසඥවරිය 2014 දී කළ හෙළිදරව්වක් නොවන්නට, මේ අපරාධය අදටත් වැළලී තිබෙන්නට ඉඩ තිබුණි.
වාර්තාවලට අනුව අයර්ලන්තය පුරා මෙවැනි නිවාස 18ක් තිබී ඇත. වසර 76ක් තුළ කාන්තාවන් 56,000ක් සහ දරුවන් 57,000ක් මෙහි සිර වී සිටියහ.
මෙම නිවාස තුළ පමණක් දරුවන් 9,000ක් පමණ මියගොස් ඇති බව දැන් හෙළි වෙමින් පවතී.
අයර්ලන්ත රජය මෙය හඳුන්වන්නේ එරට ඉතිහාසයේ "අඳුරුතම සහ පිළිකුල් සහගතම රහස" ලෙසයි. මේ මහා පාපකර්මයේ සුලමුල සෙවීමට තවත් වසර 2ක් පුරා කැණීම් සිදු කිරීමට නියමිතයි.