මේ වසර තුළ පමණක් වෛද්‍ය සැපයුම් අංශයේ නිල දත්තවලට අනුව ඖෂධවල ගුණාත්මකභාවය පිරිහී ගිය (Quality Failures) අවස්ථා 90කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අනාවරණය කරයි.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෑතකාලීනම සහ බරපතලම සිදුවීම ලෙස ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron) නැමති එන්නත් වර්ගය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වී තිබීම තහවුරු වී ඇති බවයි.
මෙවැනි බැක්ටීරියා සහිත ඖෂධයක් රටට පැමිණ රෝහල් පද්ධතිය හරහා රෝගීන් වෙත බෙදා හරින තෙක් බලධාරීන් නිසි පරීක්ෂාවන් සිදු නොකිරීමත් රසායනාගාර පහසුකම් නොමැති බව පවසා මෙම වගකීමෙන් කිසිවෙකුට නිදහස් විය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
ඖෂධ මාෆියාව සහ අත්හිටුවූ ඖෂධ අදාළ ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය සැපයූ සමාගමේම තවත් ඖෂධ වර්ග නවයක් මේ වන විට භාවිතයෙන් අත්හිටුවා ඇති බව හෙළි කරන වෛද්‍ය විජේසිංහ මහතා, දිගින් දිගටම මෙවැනි පැමිණිලි ලැබෙන සමාගම්වලින් තවදුරටත් ඖෂධ ආනයනය කිරීම පිටුපස ඇති තීන්දු තීරණ පිළිබඳව ප්‍රශ්න කර සිටියි.
ඔහු පවසන්නේ මෙම ඖෂධ මාෆියාව බූවල්ලෙකු මෙන් ක්ෂේත්‍රය පුරා සිය අඬු විහිදුවා ඇති බවයි.
රෝහල්වලින් ලැබෙන සංකූලතා වාර්තා මෙම ප්‍රශ්නගත ඖෂධය ලබාදීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් පිරිසකට සංකූලතා ඇති වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙය හුදෙක් එක් නිලධාරියෙකුගේ වරදක් නොවන බවත්, කැබිනට් මණ්ඩලය ඇතුළු සමස්ත පද්ධතියම මෙයට සාමූහිකව වගකිව යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
