ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 308ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.
එමෙන්ම උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොප්පිටිය ප්‍රදේශයට මි.මී 234ක වර්ෂාපතනයක් ද, නුගතැන්න ප්‍රදේශයට මි.මී 221ක වර්ෂාපතනයක් ද, කයිකාවල ප්‍රදේශයට මි.මී 218ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බව සඳහන් වේ.
උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.

